විදුහල්පති පණිවිඩය
ගා/ගල්ලන්දල කනිෂ්ඨ විද්‍යාලය

1957 දී ඉතා කුඩා පාසලක් ලෙස ළමුන් 34 දෙනෙකුගෙන් ඇරඔි ගල්ලන්දල කනිෂ්ඨ විද්‍යාලය අද ප්‍රදේශයේ දූ දරුවන්ට ඉමහත් සේවයක් සිදු කරයි. අප පාසල තොරතුරු තාක්ෂණ අංශයෙන් ද පසුගිය වසර පුරා විශාල දියුණුවක් අත්කරගෙන ඇත. පාසලේ තොරතුරු තාක්ෂණ අංශය දරුවන්ද සමග එකතු වී පාසල සඳහා වෙබ් අඩවියක් නිර්මාණය කිරීම සතුටට කරුණකි. මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා උරදුන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින වර්ධනය වේවා යි ප්‍රාර්ථනා කරමි.
විදුහල්පති,