පාසල් ගිිතය
සිරිලක දකුණේ-ගාලුු දිසාවේ
ජය කාහල-ජය දද බැන්දුු
ගල්ලන්දල විදුහල් මෑණී
වඳිනෙමු සිරස නමා..........//
ගිංගඟ නදියයි-හරිත වන පෙතයි
සිසිලස අරගත්-විදුබිම් පියසයි
ශිල්ප කලා යහ ගුණ දෙන සෙවනයි
මගෙ විදුහල් මෑණී -නිති බැබලෙයි
බාධක බිඳගෙන-ගුණ දම් අතුරා
උගතුන් වියතුන්-ලෝ තුළ විසුරා
මව්නේ ඔබ නම-සැම තැන පතුරා
පෙරටම යමු අපි-ජය දද පතුරා